උත්තරීතර මව් පදවිය ගැහැණියකට ලැබෙන උතුම්ම පදවියවේ. නීතියෙන් විවාහ වන වයස අවුරුදු 18 ලෙස දක්වා ඇති නිසා අවුරුදු 18 න් පසු මව් පදවිය උරුම කර ගන්නා කාන්තාවන් බහුලයි. නමුත් වෛද්‍ය විද්‍යනුකූලව ගැබ් ගැනීමට සුදුසු කාල පරාසයක් පවතියි. එම කාල පරාසය අවුරුදු 25 – 30 දක්වා යැයි හදුනාගෙන තිබේ. ස්ත්‍රීයක ඉපදීමේදී ඩිම්බ මිලියන දෙකක් පමණ ඩිම්බ කෝෂවල දැකගත හැකියි. ඉපදීමෙන් පසු ස්ත්‍රියකගේ ඩිම්බ කෝෂවල ඩිම්බ නිෂ්පාදනයක් නොවෙයි. තරුණ වයස අවසානවන විට අවුරුදු 35ට පසු ඩිම්බ වල නෙස්කම් සිදුවන නිසා ගර්භ කාලයේ ඇතිවන ආබාධ ක්‍රමයෙන් වැඩි වෙයි. ඒ නිසා අවුරුදු 35 වන විට පවුල සම්පුර්ණ කර ගැනීම කාන්තාවක විසින් සිදු කිරීම යෝග්‍යවන බවට පොදු මතයක්වේ. නමුත් නව පර්යේෂණ වලින් සනාථ වී ඇත්තේ වයස 30න් පසු බවයි. මෙයට හේතු ලෙස වෛද්‍යවරු පෙන්වාදෙන්නේ, කාන්තාවකට දරුවකුගේ සත්‍ය අවශ්‍යතාවය හොඳින්ම දැනෙන්නෙත් ඇය මේ සඳහා ඉතා ආරක්ෂිතව සිටින්නේත් වයස 35-40 කාලය බවයි. එපමණක් නොව මවට තම දරුවා, පවුල් සම්බන්දතාවය සහ වෘත්තිය යන තුනම ඉතා මැනවින් සමබරව පවත්වාගෙන යා හැකිවන්නේද මේ කාලය තුල බවත් පැවසෙනවා. මීට අමතරව මෙවැ...