නිය අලංකරණයේ අලුත්ම කලාව “ජෙල් නේල්ස්”


රූමත් බව ගෙන දෙන්නේ මුහුණේ ලස්සනින් පමණක් නොවේ. කෙනකුගේ සෑම ශරීරාංගයක් ම එකසේ ලස්සන වීම රූමත් බව යැයි දැන් බොහෝ දෙනා දනිති.

 ඒ නිසාම වෙනදා මුහුණේ ලස්සන ගැන පමණක් සිතූ බොහෝ කාන්තාවෝ දැන් තම අත් පාවල ලස්සන පිළිබඳ ද වැඩි සැලකිල්ලක් දක්වති.
විලාසිතාවන්ට, මෝස්තර ලෝකයට පි‍්‍රය බවක් දක්වන කාන්තාවෝ තම නිය පෙළේ අලංකාරය සඳහා බොහෝ සේ මුදල් වියදම් කරති. රූපලාවණ්‍යාගාරයන්හි අද ඉහළම ආදායමක් ගෙනෙන සේවයක් ලෙස නිය අලංකරණ සේවාව හැඳින්විය හැකියි. මෙම සේවය සපයන රූපලාවණ්‍ය ශිල්පියා ‘Nail Technician’ ලෙසින් හඳුන්වයි. ඒ සඳහා ඔහු හෝ ඇය සුදුසුකම් සපුරා තිබීම ඉතා වැදගත් වන අතර මෙම විෂය සඳහාම සකස් කරන ලද විෂය මාලාවක් ද පවතී.
අද අප ඔබට ඉදිරිපත් කරන්නේ ජෙල් නියපොතු නිර්මාණය කිරීම පිළිබඳයි. ස්වාභාවික නිය පෙළක් ලෙසටම ඉතාම සිත් ගන්නා සුලු පෙනුමකට නිම කළ හැකි ජෙල් නේල් ක්‍රමයේ ප්‍රධාන ක්‍රම දෙකකි.
1. Natural light gel nails
2. UV light gel nails  යනුවෙන්
මේ ක්‍රම දෙක හැඳින්වේ.
* නැචුරල් ලයිට් ජෙල් ක්‍රමය
අවශ්‍ය දේ :
Natural light gel  - ස්වභාවික ලයිට් ජෙල්
Activator  - ඇක්ටිවේටර්
Cuticle oil  - ක්‍යූටිකල් ඔයිල්
බේස් කෝට්, නේල් කලර්ස්, ටොප් කෝට්
නේල් බෆර්
Flat brush - පැතලි බුරුසුවක්
නේල් බ්‍රෂ් එකක්
නේල් ටිප්ස් බ්ලෙන්ඩ් කරන්න. (tip blending)
නියපොත්ත කපා නේල් බ්‍රෂ් එක භාවිතකර නියපොත්ත මත සුමුදු කරන්න. නේල් බ්‍රෂ් එක භාවිතකර පිස දමා පිරිසුදුකාරකයන් ස්ප්‍රේ කරන්න. නිය මත හා නිය වටා ක්‍යූටිකල් ඔයිල් ටිකක් දමා සම්බාහනය කරන්න.
නැවත පිරිසුදු කාරකයක් නියපොත්ත මතට ස්ප්‍රේකර පිස දමන්න. පැතලි බ්‍රෂ් එක ගෙන ජෙල් බෝතලයෙන් බිංදුවක් ගෙන නියපොත්ත මත තබා එය නියපොත්තෙන් පිටතට පැතලි කරමින් බ්‍රෂ් කරන්න.
මෙලෙස දෙවෙනි වර ක්‍යූටිකල් දෙසට තවත් බිඳුවක් ගෙන පුරවා නැවත එය ඉදිරිපස දෙසට බ්‍රෂ් කරමින් නිය මත දැමූ ජෙල් එක සමානව පැතිරී යන ලෙස සකස් කරන්න.
මෙය කළ වහාම නේල් ඇක්ටිවේටර් එක එම භාජනයේ ම ඇති කුඩා බ්‍රෂ් එකෙන් ආලේප කරන්න.
මෙය ස්වාභාවිකවම වියළෙන අයුරු ඔබට පෙනේවි.
ත්‍රී වේ බෆර් එක භාවිතකර එහි පැති තුනම භාවිත කරමින් නියපොතු සුමුදු බවට පත් කළ යුතුය.
ඉන්පසු නියපොතු පිස දමා බේස් කෝට් එක ආලේප කරන්න. කැමැති නිය වර්ණයක් ආලේප කොට එය වේළුණු පසු ටොප් කෝට් එකද ආලේප කරන්න.
UV light gel
අවශ්‍ය දේ : UV  ජෙල්
UV  බේස් කෝට්
UV  ජෙල් ක්ලෙන්සර් ප්ලස්
UV  ටොප් කෝට්
UV  ලයිට් එකක්
පිරිසුදුකාරක අලේපනයක්
පැතලි බුරුසුවක්
ක්‍යූටිකල් ඔයිල්
ටිප් බ්ලෙන්ඩිං කරන්න. (මෙය අප ඉහත පාඩමක දී ඉදිරිපත්කර ඇත.)
නේල් බ්‍රෂ් එකකින් පිස දමා පිරිසුදු කාරකයකින් ද නිය පිසදමන්න.
පැතලි බ්‍රෂ් එකක් ආධාරයෙන් UV  බේස්කෝට් ආලේප කරන්න. පසුව එය මත UV  ජෙල් ආලේප කරන්න. (මෙය පළමුව එක අතක කරන්න.) ඉන්පසුව එම අත UV  ලයිට් එක තුළ රඳවා ජෙල් වියළෙන තෙක් තබන්න.
එය වියළෙනතෙක් අනෙක් අත ගෙන ජෙල් ආලේප කරන්න. දැන් වියළුණු අත ඉවතට ගෙන අනෙක් අත ඒ තුළ රඳවාගන්න.
ජෙල් වියළුණු නිය මත ජෙල් ක්ලෙන්සර් ආලේපකර හොඳින් නේල් ෆයිල් එකකින් ෆයිල් කරමින් සුමුදු නිය පෙළක් බවට පරිවර්තනය කරන්න.
මෙය හොඳින් පිස දමා UV  ටොප් කෝට් ආලේපකර නැවත UV  ලයිට් එක තුළ රඳවන්න.
ඉන් ඉවතට ගත් පසු නිය වටා ක්‍යූටිකල් ඔයිල් ටිකක් ආලේපකොට සුළු සම්බාහනයක් කරන්න

අධ්‍යාපනික වීඩියෝව පහතින්, ඔබේ දැනගැනීම සඳහා බලන්න








Comments

Popular posts from this blog

අතේ ගැසීම හෙවත් ස්වයන් වින්දනය

අනාරක්ෂිත ලිංගික එක් වීමකින් පසු