පුංචි වේලාවකින් හැඩට ලස්සනට ඔසරියක් අඳින්නේ මෙහෙමයි

බොහෝ යුවතියන් ඔසරිය ඇඳීම කරදරයක් ලෙස සළකනවා. එයට හේතුවී ඇත්තේ ඔසරිය ඇඳීමට නොදැනුවත්කම සහ ඔසරිය ඇඟට අපහසු ඇඳුමක් ලෙස සැළකීමයි. නමුත් ඔසරිය පහසුවෙන්, ඉක්මනින් අඳින්නට නම් නිවැරදි  ආකාරය දැන සිටීම අවශ්‍යමයි.
Made-up ක්‍රමයට ඔසරිය ඇඳීමෙන් ඔසරියේ ලස්සන එතරම් ඉස්මතු නොවේ. අනෙක් අතට සාම්ප්‍රදායික ක්‍රමයට ඔසරිය  ඇඳීමේදී සාරියේ බෝඩරය ඉදිරියටගත නොහැකිවීම තවත් ගැටලුවක්. එනිසා බලන්න ඔසරිය මේ විදිහට ඇඳලා බලන්න.

පළමු පියවර

පළමුව සාරි පොට ප්ලීට්කර උස අනුව බිම ගෑවෙන නොගෑවෙන ප්‍රමාණයට උරහිසට තබා හැට්ටයට සම්බන්ධකර කටුවක් ගසන්න. පපුව කෙළින් පහළට සාරි බෝඩරය ගෙන ඉණෙන් පහළ සායට තබා රැල්ලෙන් රැල්ල තබමින් සායට අල්ලා කටු ගසන්න.

දෙවන පියවර

දැන් එය හොඳින් තදවෙන සේ ඉණ වටේ පටියක් බඳින්න. පටිය ගැට ගැසූ පසු බෝඩරය සහිත කොටස පිටුපසින් ඉණ වටේට ගෙන ඉදිරිපසට නෙරියේ රැලි තබමින් පිටුපසට ගන්න. උකුල ළඟින් අඟල් හයක් හෝ හතක් පමණ දිගටත් ඉන්පසු ක්‍රමයෙන් අඩුව යන ආකාරයටත් හැඩයට රැළි ටික සකසා ගන්න.

තෙවන පියවර

ඉන්පසුව ලුංගිය අඳින ආකාරයට ඔසරි පල්ලුව දකුණට එක ආකාරයට සකසා ගන්න. ඉදිරි පල්ලුව ඔසවා උකුළේ හැඩතල ඇතිවන සේ දකුණු කකුල ඉදිරියෙන් තබා දණහිසෙන් උඩ කොටසට කටුවක් ගසන්න. ඔසරිය පිටුපස කොටසත් පෑගුනහොත් ගැලවිය හැකි නිසා යටසායට අල්ලා කටුවක් ගසන්න. අනතුරුව, රැළි ටික හොඳින් සකසීමෙන් ලස්සන නිමාවක් ඉස්මතුකර ගත හැකිය.
මේ අයුරින් සාරිය කපා මේඩ් අප් නොකර බෝඩරය හොඳ පිටට ගෙන ඉක්මනින් සහ පහසුවෙන් ඔසරියක් අඳින්නට ඔබට හැකිවේවි.


video එක නිසි ආකාරයෙන් වැඩ නොකරන්නේ නම් facebook හරහා උත්සාහ කරන්න.







Comments

Popular posts from this blog

අතේ ගැසීම හෙවත් ස්වයන් වින්දනය

අනාරක්ෂිත ලිංගික එක් වීමකින් පසු